බිරිඳ මරා දැමීමට තැත්කොට අත්අඩංගුවට පත්වූ සැමියා 


Chiba ප්‍රාන්තයේ පුද්ගලයෙකු බිරිඳ මරා දැමීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වෙයි

.

27 හැවිරිදි වියේ පසුවූ සිය හිටපු බිරිඳ ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට 34 හැවිරිදි පුද්ගලයෙකු Chiba ප්‍රාන්තයේ Ichikawa හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත .

 

බදාදා පාන්දර 4.10 ට පමණ මෙය සිදුවී ඇති අතර තම හිටපු සැමියා විසින් තමාගේ පිටට සහ බඩට පිහියෙන් ඇන ඇති බවට කාන්තාවකගෙන් පොලිසියට ලද ඇමතුමක් අනුව පොලිසිය කඩිනමින් මහල් නිවාසයට ගොස් තිබේ. 

 

එහිදී පිහියෙන් ඇන තුවාලවලින් ලේ ගලමින් සිටි කාන්තාව සොයා ගෙන ඇති අතර කාන්තාව අසල තිබී ලේ වැගිරෙන පිහියක් පොලීසියට හමුවී තිබේ. ඒ අවස්ථාවේදීම ඇයව නිලධාරීන් විසින් රෝහල් ගත කර ඇති අතර සිදුව ඇති තුවාල ඇගේ ජීවිතයට තර්ජනයක් නොවන බව එහිදී වෛද්‍යවරුන් පැවැසූහ . 

 

පැය හතරකට පමණ පසු එම කාන්තාවගේ හිටපු සැමියා වූ සමාගමේ සේවකයෙකු වන Hikaru Nishibata පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය පැවැසීය.

158 Views

Comments