බදාදා දින ග්රාමීය මාර්ගයක කාණුවක් තුළ තිබී පිහි ඇනුම් 10 ක් පමණ තිබූ මළ සිරුරක් සොයා ගත් බව Aichi ප්රාන්තයේ Chiryu හි පොලිසිය බ්රහස්පතින්දා ප්රකාශ කළේය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා Aichi ප්රාන්තයේ Okazaki හි පදිංචි රැකියා විරහිත 29 හැවිරිදි Masahiro Miura නම් අයෙක් ලෙස හඳුනාගෙන ඇති අතර පොලිසිය විසින් සිදුකළ සෝදිසි කිරීම් වලදී මෝටර් රථය අසල ප්රදේශයේ තණකොළ හා පස්වලින් වැසී තිබූ ඔහුගේ සිරුර කානුවක තිබී හමුවූ බව නිලධාරීන් පැවසීය .
ඔහුගේ මුහුණට සහ නිරුවත් උඩුකය ප්රදේශයට පිහියෙන් ඇන ඇති බවත් ඔහු අවසන් වරට ජීවතුන් අතර සිට ඇත්තේ ප.ව 5 ට පමණ බවත් මෙම අපරාධය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිසිය ප්රකාශ කළේය .