Oita නගරාධිපති ප්‍රාන්ත ආණ්ඩුකාර මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමක්


Oita නගරාධිපති ප්‍රාන්ත ආණ්ඩුකාර මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන බව වාර්තා වනවා.

.

Oita නගරාධිපති Kiichiro Sato නැවතත් ආණ්ඩුකාර ධුරය සඳහා තරඟ කිරීමට තීරණය කර තිබෙනවා.

1980 දී ඔහු ජාත්‍යන්තර වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශයට (දැනට ආර්ථික, වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය) සම්බන්ධ වූ අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නියෝජිතායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැනි විවිධ තනතුරු දැරීය.  ඔහු 2015 වසරේ ප්‍රථම වරට නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අතර මේ වන විට ගතවන්නේ ඔහුගේ දෙවන ධූර කාලයයි.

මේ අතර මන්ත්‍රී මණ්ඩලයේ (ස්වාධීන) සභික 52 හැවිරිදි Sumie Adachi සහ හිටපු මන්ත්‍රී මණ්ඩලයේ සභික 65 හැවිරිදි Shinya Adachi ද නිලවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබෙනවා.

 

79 Views

Comments