ගුවන්තොටුපල නිරෝධායනයේදී තහවුරු වූ Omicron උප ප්‍රභේද


නිරෝධායන වූ විදේශිකයන් අතර omicron උප ප්‍රභේද ආසාදිත පුද්ගලයන් හමුවෙයි

.

ජපානයේ ගුවන් තොටුපළ නිරෝධායන කටයුතුවලදී Corona වෛරසයේ ඔමික්‍රොන් වික්‍රියාවේ BA.4 සහ BA.5 යන උප ප්‍රභේද ආසාධිත පුද්ගලයින් තිදෙනෙකු තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මැයි 12 වන දින නිවේදනය කළේය. එම ප්‍රභේද වල පැවැත්ම රට තුළ තහවුරු වූ පළමු අවස්ථාව ලෙස මෙය හැඳින්වේ .

 

මෙම ප්‍රභේද මීට පෙර ප්‍රධාන වශයෙන් දකුණු අප්‍රිකාව, යුරෝපය සහ එක්සත් ජනපදය තුළ අනාවරණය වී ඇති අතර දැනට ජපානයේ ප්‍රධාන ව්‍යාප්ති ප්‍රභේදය ලෙස පවතින BA.2 ට වඩා හඳුනාගත් නව ප්‍රභේදයේ ව්‍යාප්තිය වැඩි බව පැවැසේ. 

 

BA.4 ප්‍රභේදය අප්‍රේල් 22 වැනි දින දකුණු අප්‍රිකාවේ සිට පැමිණි වයස අවුරුදු 50 ක පුද්ගලයකු හට ආසාදනය වී තිබියදී හඳුනාගෙන ඇති අතර, BA.5 අප්‍රේල් 29 වන දින ස්පාඤ්ඤයේ සහ සැම්බියාවේ සිට පැමිණි 60 හැවිරිදි පිරිමින් දෙදෙනෙකුගෙන් සොයා ගෙන තිබේ. ඔවුන් තිදෙනාම ජපානයට පැමිණෙන විට කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති නමුත් පරීක්ෂණ වලදී ආසාදිත බව අනාවරණය වී තිබේ .

156 Views

Comments