බටහිර ජපානයේ භූමිකම්පාවක්...


සෙනසුරාදා දින පාන්දර බටහිර ජපානයේ රෙක්ටර් පරිමාණයේ ඒකක 6.6 ක..

.

සෙනසුරාදා දින පාන්දර බටහිර ජපානයේ සහ ගිනිකොනදිග ජපානයේ  රෙක්ටර් පරිමාණයේ ඒකක 6.6 ක භූමිකම්පාවක් වාර්තා වූ බව ජපාන ජාතික  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය. මේ වන විට එමගින් නව දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර කිසිදු සුනාමි තත්ත්වය අවදානමක් දැනට වාර්තා වී නැතැයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටී. මියසාකි සහ ඔඉටා යන නගර දෙක ආශ්‍රිතව මෙමඟින් සුළු  හානි වාර්තා වී තිබුණි.

සෙනසුරාදා පාන්දර 1.08  පමණ මෙම භූමිකම්පාව සිදුව තිබූ අතර මෙම තත්වය වර්ධනය වීමක් හෝ මගින් සුනාමි තත්ත්වයක් අනාගතයේදී ඇතිවීමට ඉඩකඩක් ඇති ද යන්න පිළිබඳ කාලගුණ විද්‍යා ඒකකය  විමසිල්ලෙන් සිටින බවද එහි ප්‍රකාශකයෙක් පැවසීය. 

ඡායාරූපය : japantimes

595 Views

Comments