ජපන් පාසලේ නිම වූ ගුරු වැඩවර්ජනය 


ජපාන පාසල් වල පැවති ගුරු වැඩ වර්ජනය නිමා වේ

.

වැටුප් නොගෙවීම සහ අනෙකුත් ගැටලු කීපයක් මුල්කර ගනිමින් මධ්‍යම ජපානයේ Shizuoka ප්‍රාන්ත නගරයේ පිහිටි Wakayama Nanryo නම් පෞද්ගලික උසස් පාසලක ගුරුවරුන් මැයි 11 වැනි දින වැඩ වර්ජනයක නිරත වී ඇති අතර මැයි 12 වැනිදා සාමන්‍ය පරිදි ඉගැන්වීම් කටයුතු නැවත ආරම්භ කොට තිබේ  .

 

පාසල් ක්‍රියාකරු වන Nanryo Gakuen විසින් මැයි 13 වන දින පාසල් කාර්ය මණ්ඩලය සඳහා සහ ජුනි 20 වන දින සිසුන්ගේ භාරකරුවන් සඳහා හේතු පැහැදිලි කිරීම වෙනුවෙන් රැස්වීමක් පවත්වන බවට පැවසීමෙන් අනතුරුව  පාසලේ ගුරුවරුන් විසින් නැවත පන්ති  ආරම්භ කිරීමට තීරණය කළ නමුත් මාධ්‍ය ආවරණය හේතුවෙන් ව්‍යාකූලත්වයක් ඇතිවිය හැකි බැවින් මැයි 13 පැවැත්විමට නියමිතව තිබූ රැස්වීම අවලංගු කරන බව ලිඛිත නිවේදනයක් නිකුත් කරමින් සංස්ථාවේ සභාපති Kazutoshi Ono පැවැසීය . 

 

පාසල විසින් ශිෂ්‍ය භාරකරුවන්ට ලබා දීමට  නියමිත ආධාර දීමනා අදාළ දිනට ගෙවා නොමැති බව පසුගිය අප්‍රේල් මාසයේදී අනාවරණය වීම නිසා ගුරුවරුන් සහ අනෙකුත් පාසල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් "පාසල් සංස්ථා පාර්ශ්වයේ ප්‍රතිචාරය අවංක නැත" යන පදනම මත මෙලෙස මැයි 11 දින පන්ති අවලංගු කර ඇත .

Comments