පරීක්ෂණ ධාවන කටයුතු  ආරම්භ කළ නව Kamome දුම්රිය


Kamome දුම්රිය එහි පරීක්ෂණ ධාවන කටයුතු අරඹයි

.

සැප්තැම්බර් 23 දින නිල වශයෙන් ධාවනය ආරම්භ කිරීමට නියමිත Kyushu Shinkansen Line හි Nagasaki මාර්ගයේ N700S ශ්‍රේණියට අයත් Kamome නමින් හඳුන්වන Bullet දුම්රිය සිය පලමු පෙර පරීක්ෂණ ධාවනය ජනතාවගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ මැයි 10 වන දින නිරිතදිග ජපානයේ Nagasaki ප්‍රාන්තයේ සහ ඊට පසු දින අසල්වැසි Saga ප්‍රාන්තයේ ආරම්භ කොට තිබේ. 

 

ජපානයේ දුම්රිය ඉදිකිරීම්, ප්‍රවාහන හා තාක්ෂණ නියෝජිතායතනයට අනුව, පරීක්ෂණ අතරතුරදී දුම්රිය පැයට කිලෝමීටර් 30 - 260 අගයක් දක්වා ක්‍රමයෙන් වේගවත් වීමට නියමිත අතර Takeo නගරයේ Takeoonsen දුම්රිය ස්ථානය, Saga ප්‍රාන්තය සහ Nagasaki නගරයේ Nagasaki දුම්රිය ස්ථානය අතර දිනකට වට චාරිකා එකක් හෝ තුනක් සිදු කරනු ලබයි. 

 

ජූනි 16 දක්වා වූ දින 15  කාලය ඇතුළතදී දුම්රියේ සියලු අත්හදා බැලීම් සිදුකිරීමට සහ ගමනාගමනයේදී සිදුවන දෝෂ හදුනාගැනීමට සැලසුම් කර ඇති බව මේ පිළිබඳව අදහස් දක්‌වමින් ඒජන්සිය පැවැසීය.

167 Views

Comments