2019 දී Yamanashi ප්‍රාන්තයේ Doshi නම් කඳවුරු භූමි ප්‍රදේශයේදී සොයාගත් උරහිස් තලයේ DNA කොටස් අතුරුදන් වූ Misaki Ogura නම් දැරියගේ යැයි සැක පළ කොට සිදුකළ පර්යේෂණ වලදී ඇගේ DNA වලට ගැලපෙන බවට තහවුරු වීමෙන් පසුව පොලිසිය විසින් ඇයගේ මරණය සෙනසුරාදා තහවුරු කොට තිබේ .
අප්‍රේල් 23 වන දින කඳුකරයේ තිබී සොයාගත් හිස් කබලේ DNA කොටස් Chiba ප්‍රාන්තයේ Narita හි ජීවත් වූ Ogura ගේ DNA කොටස් සමඟ කෙලින්ම සම්බන්ධ කළ නොහැකි වූ නමුත් Mitochondrial DNA පරීක්ෂණයෙන් ඥාතීන්ගේ DNA සමඟ නොගැලපීමක් සොයාගත් බව බ්‍රහස්පතින්දා හෙළි වී ඇත.
අතුරුදහන් වීමෙන් පසු Ogura ගේ චලනයන් ඇතුළු නඩුව වටා බොහෝ තොරතුරු තවමත් අනාවරණය වී නොමැති බැවින් විභව අනතුරක් හෝ අපරාධයක් ලෙස සලකා මෙම නඩුවේ විමර්ශන කටයුතු පොලීසිය විසින් දිගටම සිදු කරගෙන යනු ලබයි.