පසුගිය මාසයේදී හිමිකරගත් ආරම්භක වටයේ ඔලිම්පික් ජයග්රහණයෙන් පසු පිට පිටම ජයග්රහණයේ කිරුළු පැළඳි Tokyo ඔලිම්පික් රන් පදක්කම්ලාභී 23 හැවිරිදි Yuto Horigome , අගෝස්තු 14 වන ඉරිදා දින Seattle අසල Angel of the Winds Arena හි පැවැති Steert League ශූරතා චාරිකාවේ දෙවන ජයග්රාහීත්වය දිනා ගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ.
ප්රංශ ක්රීඩක Vincent Milou ට වඩා ලකුණු 0.1ක් ඉදිරියෙන් තරගය අවසන් කරමින් සිය හයවැනි වෘත්තීය වීදි ලීග් ජයග්රහණය ලබා ගැනීමට Horigome ට හැකි වූ අතර සෙසු ජපන් ඔලිම්පික් ක්රීඩික Sora Shirai පිරිමි අවසන් තරගයේදී අටවැනි ස්ථානයට පත්විය.
පසුගිය ගිම්හානයේදී ටෝකියෝවේ පැවති ඔලිම්පික් ක්රීඩා උලෙළේ පිරිමි වීදි තරගයට සහභාගි වූ අවස්ථාවේ ප්රථම වරට සිය Skateboarding රන් පදක්කම දිනා ගත් Horigome, රටේ Skateboarding ක්රීඩා නාමය තවදුරටත් ඉදිරියට මුළු ලෝකයාටම රැගෙන යමින් සිටී .