Okinawa හි සංවත්සරයට පෙර පැවැති සාම පාගමන


Okinawa සංවත්සරයට පෙර සාම පාගමනක් පැවැත්වේ

.

එක්සත් ජනපද හමුදාවන්ට සත්කාරකත්වය සැපයීමට සිදුවීම නිසා Okinawa වෙත පැවැරී ඇති අධිබර මේ වසරේ එළැඹීමට නියමිත සංවත්සරයට පෙර අඩු කර දෙන ලෙස ඉල්ලමින් දකුණු දූපත් ප්‍රාන්තයේදි අද දින සාම පාගමනක් පැවැත්විණි. 

 

Corona වසංගතය හේතුවෙන් වසර තුනකට පසු පළමු වතාවට කිලෝමීටර් 9 ක‍ දිගකින් යුක්ත වූ පාගමන, Ginowan හි නේවාසික ප්‍රදේශය මධ්‍යයේ වූ එක්සත් ජනපද මැරීන් බළකායේ ගුවන් තොටුපළ වූ Futenma අසලින් ආරම්භ වී තිබේ .

 

නැවත ස්ථානගත කිරීමේ සැලැස්ම Okinawa හි ජනතාවගේ දැඩි විරෝධයට මුහුණ දී ඇති අතර, බොහෝ දෙනා Futenma කඳවුර සිය ප්‍රාන්තයෙන් ඉවත් කළ යුතු යැයි ඉල්ලා සිටියහ .

133 Views

Comments