අලුත උපන් බිළිඳාගේ සිරුර රථගාලේ දමා ගිය කාන්තාව අත්අඩංගුවට ගැනේ


තම බිලින්දාගේ සිරුර රථ ගාලක දමා ගිය මව අත්අඩංගුවට ගනියි

.

පසුගිය මාසයේ ජුනි 15 දින Chuo Ward හි මිනාමි විනෝදාස්වාද දිස්ත්‍රික්කයේ Nankai Namba දුම්රිය ස්ථානය අසල පිහිටි Nihonbashi වාහන නැවැත්වීමේ අංගනය තුළ සිය අලුත උපන් බිළිඳාගේ සිරුර අත්හැර දමා ගිය බවට සැකපිට Erika Yoshida නම් 28 හැවිරිදි රැකියා විරහිත කාන්තාවක් අගහරුවාදා අත්අඩංගුවට ගත් බව Osaka පොලීසිය සදහන් කළේය. 

 

සැකකාර කාන්තාව විසින් අප්‍රේල් මස අග දිනෙක හෝටලයක් තුළ තම දරුවා ප්‍රසූත කර ඇති අතර එදිනම රාත්‍රී 11.45 ට පමණ බිළිඳා ප්ලාස්ටික් බෑගයකට සහ කඩදාසි බෑගයකට ද දමා ආවරණය කර මෙලෙස වාහන අංගනයේ අතැර ගොස් තිබේ. 

 

බිළිදා දමා ගිය බෑගය තුළ තිබීයදී අසල වෙළඳසැලකින් හිමිවූ කුවිතාන්සියක් සොයාගැනීමට පොලීසියට හැකිව තිබූ අතර ඒ ඔස්සේ සිදුකළ පර්යේෂණ මගින් ජූනි 15 වැනි දින එම කුවිතාන්සිය නිකුත් කරන අවස්ථාවේ වෙලඳසැලේ සිටි පාරිභෝගිකයන් පිළිබඳව නිරීක්ෂණ කැමරා දර්ශන වලින් පරීක්ෂා කර, ලාභදායි හෝටලයක නවාතැන් ගෙන සිටි සැකකාර කාන්තාව නිලධාරීන් විසින් අත්අඩංගුවට තිබේ.

154 Views

Comments