Hokkaido හි Tobetsu නගරයේ අවශ්‍යතා ඇති දරුවන් ආරක්ෂා කිරීමට ක්‍රියා කරන Civic group Children's SOS Hokkaido නම් පුරවැසි කණ්ඩායම විසින් රට තුළ දෙවන "Baby Hatch" මධ්‍යස්ථානය විවෘත කර ඇති බව මැයි 13 දින නිවේදනය කළ අතර එහිදී දෙමාපියන්ට තමන්ට රැකබලා ගත නොහැකි ළදරුවන් නිර්නාමිකව අතහැර දැමිය හැකි වේ.
බලපත්‍රලාභී මනෝවිද්‍යා උපදේශිකාවක් වන සමූහ ප්‍රධානී Shima Sakamoto සහ ළමා සමාජ සේවිකාවක් ඇතුළු තවත් දෙදෙනකු එක්වී පලමු වරට අප්‍රේල් 1 වැනිදා Baby Hatch පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර නිල වශයෙන් එම මධ්‍යස්ථානය මැයි 10 වැනිදා විවෘත කොට තිබේ.
තවමත් එහි කිසිදු ළදරුවකු නොමැති වුවත් “දරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට මට අවශ්‍යයි. මෙය වෛද්‍ය ආයතනයක තිබීම වඩා සුදුසු බව මම දනිමි. නමුත් ජපානයෙන් පිටත Baby Hatch ඇතැම් විට සාමාන්‍ය නිවසක පිහිටුවා තිබුණත් මට අවශ්‍ය වන්නේ හැකිතාක් ළමා දුක්විඳීමේ සිදුවීම් ඉවත් කිරීමටයි " යනුවෙන් එහි ප්‍රධානී Sakamoto පැවැසීය.