දරුණු නිදන්ගත රෝගී තත්වයන් සහිතව සිටියදී Corona වෛරසයට එරෙහි එන්නත් ලබා ගත් 11 හැවිරිදි දැරියක් අප්‍රේල් 28 දින ඇගේ දෙවන එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු උත්සන්න වූ රෝගීතත්වය හේතුවෙන් අප්‍රේල් 30 දින මියගොස් ඇති බව එන්නත් වල ආරක්ෂාව ඇගයීම සඳහා මැයි 13 දින පැවැති විශේෂඥ අනුකමිටු රැස්වීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කළේය .
"ශ්වසනය අඩාල වීම, හෘද පේශි දැවිල්ල සහ හෘදයාබාධ" දැරියගේ මරණයට හේතු වන්නට ඇති බවට වෛද්‍ය ආයතනය විසින් සැක පළකර ඇති අතර නිශ්චිත පරීක්ෂණ ප්‍රතිඵල නොමැතිකම හේතුවෙන් මරණයට නිශ්චිත හේතුව සහ COVID-19 එන්නත සමඟ හදිසි මරණයේ හේතු සබඳතාවය තක්සේරු කර ගැනීමට නොහැකි වී තිබේ.
2014 වසරේ සිට රෝහල්ගතව සිටි දැරිය මොළයේ අංශභාගය ඇතුළු බරපතල නිදන්ගත රෝග රාශියකින් කාලයක සිට පීඩාවිඳ ඇති අතර උපතේ සිටම ඇය කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර අධාර ලබාගෙන ඇති බව සඳහන් වේ .