උපන්දිනය සැමරීමට සැරසෙන සහෝදර පැන්ඩා පැටවුන්


ජපානයේ දී උපත ලද පැන්ඩා පැටවුන් උපන්දිනය සමරයි

.

Corona වසංගතය මධ්‍යයේ ඇතිවූ ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් චීනයෙන් ණයට ගත් යෝධ පැන්ඩා යුවළට දාව උපත ලැබූ ජනප්‍රිය ගැහැණු පැන්ඩා දරුවන්ගේ “නැවත පිටවයාම ” මේ වසර අවසානය දක්වා තවත් මාස හයකට කල් දැමූ බව ටෝකියෝ අගනගර රජය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය .

 

2017 ජූනි මාසයේදී Tokyo අගනුවර Taito Ward හි පිහිටි Ueno සත්වෝද්‍යානයේදී උපත ලද Xiang Xiang නම් ගැහැණු පැටවා ඇයට වයස අවුරුදු 2 වන විට නැවත චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබුණද, ඇයගේ ජනප්‍රියතාවය සහ පැතිරීගිය වසංගත තත්ත්වය හේතුවෙන් ජපානය තුළ රැදී සිටින කාලය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කොට තිබේ. 

 

මව Shin Shin සහ පියා Ri Ri ට දාව උපත ලද Xiang Xiang යනු පසුගිය වසරේ ජුනි මාසයේදී උපත ලැබූ Xiao Xiao සහ Lei Lei යන නිවුන් පැටවුන්ගේ වැඩිමහල් සොහොයුරියයි. එකම මාසයේ උපන් මෙම පැන්ඩා සහෝදරයන් තිදෙනා වෙනුවෙන් මෙම වසරේදි සත්වෝද්‍යානය මගින් උපන් දින උත්සවයක් පැවැත්වීමට  සැලසුම් කර ඇති බව ටෝකියෝ ආණ්ඩුකාර Yuriko Koike සිකුරාදා මාධ්‍ය හමුවකදී පැවසීය.

113 Views

Comments