බදාදා උදෑසන 7.45 ට පමණ Keikyu මාර්ගයේ Kanazawabunko දුම්රිය ස්ථානයේ දී දුම්රියේ සිටි නව යොවුන් වියේ ගැහැණු ළමයෙකු ඇල්ලීමේ චෝදනාවට ලක්ව Yokohama දුම්රිය ස්ථාන කාර්යාලයේ රඳවා සිටි 61 හැවිරිදි පුද්ගලයෙකු දෙමහල් ගොඩනැගිල්ලේ ජනේලයෙන් පැන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ.
දැරිය දුම්රියෙන් පිටව යද්දී එම පුද්ගලයා අත තබා ඇති අතර දැරිය උදව් ඉල්ලා කෑ ගසා තිබේ. අනතුරුව පිරිමි මගියෙක් විසින් එම පුද්ගලයා අල්ලා දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට භාර දී තිබේ.
කාර්යාලයේ සේවකයකු 110 අමතා පොලීසියට සිදුවීම පිළිබඳව දැනුවත් කරමින් සිටියදී සැකකාර පුද්ගලයා කාර්යාලයේ ජනේලයෙන් පැන ඇති අතර මීටර් 8.5ක් පමණ පහළට වැටීමේදී වහලයේ ගැටීමෙන් තුවාල ලැබූ ඔහු වහාම රෝහල් ගත කළ නමුත් එහිදී ඔහු මියගිය බව පොලිසිය සඳහන් කළේය