Tokyo හි Kita Ward හි Kyu-Furukawa උද්‍යානයේ සාමාන්‍යයෙන් විචිත්‍රවත් වර්ණවලින් යුතු වසන්ත රෝස මල් පොකුරු 200ක් පමණ වාර්ෂිකව පිපෙන අතර, වසර තුනකට පසු ප්‍රථම වතාවට මේ වසරේදී අමුත්තන් හට රෝස මල් සුවඳ විඳ ගැනීම සඳහා උද්‍යානය විවෘත කොට තිබේ .
රෝස මල් සඳහා ප්‍රසිද්ධියක් උසුලන මෙම උද්‍යානය තුළ මේ වසරේදී "සාමය" සහ "Hatsukoi" එනම් පළමු ආදරය ඇතුළු ප්‍රභේද 100ක් පමණ පිපී ඇති අතර නරඹන්නන් රෝස මල් සමඟ ඡායාරූප ගැනීමෙන් සතුටට පත් වී "මුව ආවරණ පැළඳ සිටියද , සුවඳ මා වෙත ළඟා වේ" සහ "එය ඇත්තෙන්ම දැකීමට වටිනවා" යනුවෙන් අදහස් පළ කළහ.
මේ වසරේ අප්‍රේල් මැද භාගයේ සිට අඩු උෂ්ණත්වයක් සහිත දින ගණනාවක් පැවැතීමේ ප්‍රතිඵලයක් ලෙස මැයි 22 දක්වා රතු, කහ, රෝස සහ වෙනත් වර්ණයන්ගෙන් යුත් වර්ණවත් රෝස මල් සුවඳ විඳීමට අමුත්තන්ට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.