ගුවන් තොටුපළ ශීඝ්‍රගාමී දුම්රියවල ආරක්ෂක නිලධාරීන් යොදවයි


සීඝ්‍රගාමී දුම්රිය වල ආරක්ෂාව තර කෙරේ

.

දුම්රිය තුළ මගීන්ට පහර දීමේ සිදුවීම් මාලාවකට ප්‍රතිචාර වශයෙන්, Keisei Electric Railway Co. විසින් මධ්‍යම ටෝකියෝ සහ Narita ජාත්‍යන්තර ගුවන්තොටුපළ සම්බන්ධ කරන Skyliner ඇතුළු සියලුම සීමිත අධිවේගී දුම්රිය සේවාවන්හි ආරක්ෂක නිලධාරීන් යොදවා තිබේ. 

 

අප්‍රේල් 25 වන දින, Keisei Electric Railway විසින් සෑම සීමිත සීඝ්‍රගාමී දුම්රියකටම, පිහි ඇනුමක් පැළඳ සිටින එක් ආරක්ෂක නිලධාරියෙකු බැගින් යොදා ඇති අතර සැක සහිත පුද්ගලයන් සහ වස්තු සෙවීම, සහ ප්‍රහාරයක් වුවහොත් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම එහි අරමුණ වී තිබේ. 

 

සාමාන්‍ය දුම්රිය ගාස්තුවලට අමතරව සීඝ්‍රගාමී සේවා සඳහා මගීන්ගෙන් අය කරන  ගාස්තුව, Skyliner සඳහා යෙන් 50කින් සහ අනෙකුත් සීමිත සීඝ්‍රගාමී දුම්රිය සඳහා යෙන් 30කින් ඉහළ දමා තිබේ.සමාගමේ අධ්‍යක්ෂ සහ කළමණාකාර විධායක නිලධාරී Tsukuo Tanaka "ආරක්ෂක නිලධාරීන් යේදීමේ අවම පිරිවැය දැරීමට අප පාරිභෝගිකයින්ගේ අවබෝධය ඉල්ලා සිටීමට මම කැමතියි" යනුවෙන් පැවැසීය.

137 Views

Comments