ජපානයේ බොහෝ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ උසස් පාසල් සිසුන් සඳහා ස්ත්‍රී පුරුෂ භාවයකින් තොරව නිල ඇඳුම් හඳුන්වා දීමට පියවර ගනිමින් සිටින බැවින් පාසල් ළමුන් සඳහා වන පාසල් බෑගය ද ස්ත්‍රී පුරුෂ භාවයකින් තොරව භාවිතයට ගතහැකි අයිතම ලෙස විවිධ වර්ණ හා මෝස්තරවලින් යුක්තව නිෂ්පාදකයින් විසින් දියත් කරනු ලැබේ .
සම් භාණ්ඩ සමාගමක් වන Tsuchiya Kaban Co. , ප්‍රධාන සිල්ලර වෙළෙන්දෙකු වන Aeon සමාගම සහ කාර්යාලීය ගෘහ භාණ්ඩ නිෂ්පාදකයෙකු වන Itoki Corp යන සියලු සමාගම් විසින් ජපානයේ පළමු වසරේ සිට හයවන ශ්‍රේණියේ සිසුන් සඳහා ස්ත්‍රී පුරුෂ භාවය රහිත "randoseru" පාසල් බෑග් හඳුන්වා දී තිබේ .
බටහිර ජපානයේ Matsuyama නගරයේ හෝටලයක පැවති Tsuchiya Kaban ගේ පාසල් බෑග් වෙළඳ ප්‍රදර්ශනයේදී, වර්ණ 50කින් පමණ සහ මෝස්තර 63කින් සමන්විත Backpacks 130ක් පමණ පෙළගස්වා තිබූ අතර ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව "තමන්ව වඩාත් හොඳින් නියෝජනය කරන වර්ණය තෝරා ගැනීම" සදහා සිසුන්ට අවස්ථාව සලසා දී තිබුණි