ව්‍යාජ ලෙස බැංකුකරණයේ යෙදුණු පුද්ගලයා


eKYC හරහා ව්‍යාජ ලෙස බැංකුකරණයේ යෙදුන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ

.

eKYC” මාර්ගගත හඳුනාගැනීමේ පද්ධතිය යොදාගනිමින් ව්‍යාජ හැඳුනුම්පතක් භාවිතයෙන් බැංකු ගිණුමක් විවෘත කිරීමට උත්සාහ කළ බවට සැකපිට Saitama ප්‍රාන්ත පොලිසිය විසින් 41 හැවිරිදි පුද්ගලයෙකු මැයි 16 වන දින අත්අඩංගුවට ගෙන ඇති බව විමර්ශන මූලාශ්‍රයකින් හෙළිවී තිබේ.

 

මධ්‍යම ජපානයේ Niigata ප්‍රාන්තයේ පදිංචිව සිටි මෙම පුද්ගලයා වංචා කිරීමට තැත් කිරීම, නීති විරෝධී විද්‍යුත් චුම්භක වාර්තා සකස් කිරීම සහ ව්‍යාජ තොරතුරු සැපයීම යන චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 

 

බැංකු සේවකයෙකු හට මෙම පුද්ගලයාගේ My Number කාඩ්පත පිළිබඳව පහළ වූ සැකය නිසාවෙන් ඔහු විසින් එවන ලද ඡායාරූපය නැවත වරක් පරීක්ෂා කිරීමේදී කාඩ්පතේ මුද්‍රණය කර ඇති අකුරු වැරදි බව දැක එය ව්‍යාජ එකක් බව වටහා ගෙන තිබේ . ඒ අනුව Saitama පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව බැංකුව ලබාදුන් තොරතුරු ඔස්‌සේ පැවැත්වූ පරීක්‍ෂණ මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

162 Views

Comments