යුක්‍රේන තරුවගේ ජපාන සංචාරය


යුක්රේන ගායිකාව Tina Karol ජපානයේ සංචාරය කරයි

.

තමා සහ රටේ සෙසු සියලු යුක්‍රේන ජාතිකයන් රුසියානු ආක්‍රමණයෙන් සිය භූමිය සහ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම අත් නොහරින බවත් යුද්ධය ජයගෙන ඊටත් වඩා සුන්දර රටක් යළි ගොඩනැගීමට අදිටන් කරගෙන සිටින බවත් Takuten සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Hiroshi Mikitani ගේ ආරාධනයකට අනුව ජපානයට පැමිණි ගායිකා Tina Karol  ප්‍රකාශ කළාය.

 

"මගේ ආයුධය භාෂාව සහ සංගීතයයි, මගේ වචන ශක්තිමත් වන අතර මගේ සංගීතය හැඟීම් චලනය කරයි" යනුවෙන් යුක්‍රේනයට සහය දැක්වීම සඳහා සිදුකළ දින දෙකක සංචාරය නිමා කරමින් Tokyo හිදී Karol පැවසුවාය. 

 

"අද ලොකුම ඛේදවාචකය ළමයින්ගේ මරණයයි. දරුවන්ට ඔවුන්ගේ ජීවිත කෙටි කලකින් වසා දැමීමට සිදු විය. ඒ ළමයින්ට නැලවිලි ගීතයක් ගායනා කරන්නට වූයේ නැත" යනුවෙන් පැවැසූ ඇය ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුර යුක්‍රේනයේ දරුවන් වෙනුවෙන් ගීතයක ඡේදයක් ගායනා කළාය.

Comments