දේශීය ජපන් දුම්රිය සමාගමේ එක් දින ප්‍රවේශපත්‍රය


විදුලි දුම්රිය සමාගමක් මගින් එක්දින දුම්රිය ප්‍රවේශ පත්‍රයක් හඳුන්වා දෙයි

.

Corona වසංගතයෙන් පීඩාවට පත් කලාපීය කර්මාන්ත සහ සංචාරක ව්‍යාපාරය නගාසිටුවීමට  සහාය වන විනෝදාස්වාද ව්‍යාපෘතියේ කොටසක් ලෙස නැගෙනහිර ජපානයේ වෙරළබඩ නගරයක දේශීය දුම්රිය ක්‍රියාකරුවෙකු සහ පොප් ගායිකා Kyary Pamyu Pamyu එක්වී විශේෂ සැලසුමකින් යුතු එක්දින දුම්රිය ප්‍රවේශපත්‍රයක් මෑතකදී දියත් කොට තිබේ .

 

Chiba ප්‍රාන්තයේ Choshi නගරයේ Choshi විදුලි දුම්රිය සමාගම විසින් Kyary Pamyu Pamyu ඇස් කණ්ණාඩි පැළඳ සිටින ඡායාරූප සහිතව නිපදවා ඇති මෝස්තර දෙකකින් සමන්විත එක්දින අවසරපත් විකිණීම ආරම්භ කොට ඇති අතර මෙම ප්‍රචාරණය මගින් දුම්රියේ ගමන් කරන මගීන් සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ .

 

අගෝස්තු මස අවසානය දක්වා මෙය ක්‍රියාත්මක වන අතර Nakanocho සහ Inubou දුම්රිය ස්ථානවල මෙම ගමන් බලපත්‍ර යෙන් 1,000 මුදලකට ලබා ගත හැකි වේ. මෝස්තර දෙකේ ප්‍රවේශ පත්‍ර කට්ටලය යෙන් 2,000 කට අන්තර්ජාලයෙන් වුවත් ලබා ගැනීමට පහසුකම් සලසා දී ඇති බව සඳහන් වේ .

156 Views

Comments