ජපානය ගිල ගැනීමට සැරසෙන 7 වන COVID-19 රැල්ල


ජපානය පුරා නැවතත් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වේ

.

" COVID-19 වෛරස ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් සංචරණ සීමා කිරීම් ඇතුළු නව නීති පැනවීමට අවශ්‍ය නොවන නමුත් මේ මොහොත වනවිටත් රට වෛරස ආසාදනයේ හත්වන රැල්ලට ඇතුළත් වී ඇති බවට කිසිදු සැකයක් නැත." 

 

"නවතම වැඩිවීම Omicron ප්‍රභේදයේ BA.5 උප ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවූ 'නව රැල්ලක' පැමිණීම පිලිබිඹු කරන අතර එය බෙහෙවින් සම්ප්‍රේෂණය වන බව නිරීක්ෂණය කළ හැකිය " යනුවෙන් රජයේ COVID-19 විශේෂඥ මණ්ඩලයේ ප්‍රධානියා වූ Shigeru Omi සඳුදා පැවැති මාධ්‍ය හමුවකදී වාර්තාකරුවන්ට පැවසීය. 

 

සඳුදා වාර්තා වූ මුළු නව රෝගීන් සංඛ්‍යාව 37,143 ක් ලෙස සටහන් වීමත් සමඟ ජාතික වශයෙන් රෝගීන් ඉහළ යමින් පවතින බවත් එය පසුගිය සතියේ එම දිනට සාපේක්ෂව 120%  ක වැඩිවීමක් බවත් මණ්ඩලය මෙහිදී පෙන්වා දුන්නේය.

 

" සියලු දෙනාටම කළ හැකි දේ කරන්නේ නම්, සංචරණ සීමා මේ මොහොතේදී යළිත් වරක් පැනවීමට අවශ්‍ය නොවන බව " අගමැති Fumio Kishida සමඟ අගමැති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී අවසාන වශයෙන් විශේෂඥ මණ්ඩලයේ ප්‍රධානියා වූ Shigeru Omi ප්‍රකාශ කළේය.

243 Views

Comments