ජපානයේ අගනුවර මැයි 17 වන දින නව Corona වෛරස ආසාදිතයින් 3663 ක් සහ තහවුරු කරන ලද මරණ 9 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
නව ආසාදිතයින් 3663න් 1741 කට COVID-19 එන්නත් දෙකක් ද , 33 කට එක් එන්නතක් ද ලබා දී ඇති අතර ආසාදිතයින් 946 දෙනෙකුට එන්නත් කර නොමැති බව සදහන් වේ.
මැයි පළමු සතිය තුළ ජපානයේ අගනුවර දිනකට වාර්තා වන නව ආසාදිතයින්ගේ සාමාන්‍යය 2961.4 ක් ලෙස සටහන් වූ අතර එය දෙවන සතියේදී 4151.6 දක්වා ඉහළ ගොස් තිබේ.