පුනර්ජනනීය බලශක්තියෙන් පමණක් බලගැන්වෙන Tokyu දුම්රිය


Tokyu railway අනුබද්ධ දුම්රිය පුනර්ජනනීය බල ශක්තියෙන් බලගැන්වීමට සැලසුම් ක්‍රියාත්මක වේ

.

Shibuya සහ අනෙකුත් දුම්රිය ස්ථාන හරහා ධාවනය වන Tokyu Railways' දුම්රිය සූර්ය බලශක්තිය සහ අනෙකුත් පුනර්ජනනීය ප‍්‍රභවයන් මගින් පමණක් නිපදවන බලශක්තියට අපේ‍්‍රල් 1 සිට මාරු වී ඇති අතර වර්තමානයේදී එය භාවිතා වනු දක්නට ලැබේ. 

 

එනම් Tokyu හි පැතිරුණු දුම්රිය මාර්ග හතකින් සහ එක් ට්‍රෑම් රථ සේවාවකින් යුත් සමස්ථ ප්‍රවාහනය නිසා සිදුවන කාබන් ඩයොක්සයිඩ් විමෝචනය දැන් ශුන්‍යයේ පවතින බව මෙන්ම මගීන් හට පවතින බීම විකුණුම් යන්ත්‍ර, ආරක්ෂක කැමරා තිර සහ ආලෝකකරණය ඇතුළුව එහි සියලුම ස්ථානවල හරිත බලශක්තිය භාවිතා වන බවයි. 

 

Michigan ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ දුම්රිය පර්යේෂණ සහ අධ්‍යාපන මධ්‍යස්ථානයේ දුම්රිය අධ්‍යාපන අධ්‍යක්ෂ Nicholas Little විසින් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් Tokyu වෙත ප්‍රශංසා කළ නමුත් එම පුනර්ජනනීය බලශක්තියේ පහළම මට්ටමේ ප්‍රමාණය ඉහළ නැංවීමේ වැදගත්කම අවධාරණය කළේය.

152 Views

Comments