රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් බලශක්ති, ආහාර සහ අනෙකුත් මිල ගණන් ඉහළ යාම නිසා ඇතිවෙමින් පවතින පීඩනය සමනය කිරීම සඳහා 2022 මූල්‍ය වර්ෂය සඳහා යෙන් ට්‍රිලියන 2.7 ක අමතර අයවැයක් අද දින අනුමත කර ගැනීමට ජපාන කැබිනට් මණ්ඩලය සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ .
සිල්ලර පෙට්‍රල් මිල පහත හෙලීම වෙනුවෙන් තෙල් තොග වෙළෙන්දන් සඳහා සහනාධාර ලබාදීමට මෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන එක් දරුවෙකුට යෙන් 50,000 බැගින් අධාර මුදල් ලබා දීම වැනි සමහර ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට රජය භාවිතා කරන සංචිත අරමුදල් නැවත පිරවීම සඳහා මෙම අමතර අයවැයෙන් යෙන් ට්‍රිලියන 1.5 ක් පමණ වැය කිරීමට අපේක්ෂා කෙරේ .
COVID-19 වසංගතය සහ අනෙකුත් හදිසි අවශ්‍යතා සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා සංචිත අරමුදලෙන් ලබා ගත් යෙන් ට්‍රිලියන 5.5 න් කොටසක් පියවීම ද මෙම අයවැය ඉදිරිපත් කිරිමේ අරමුණක් ලෙස දක්වා තිබේ.