දුම්රිය මාර්ගයේ කුඩ තැබීම නිසා ප්‍රමාද වූ දුම්රිය ගමනාගමනය


දුම්රිය මාර්ගයේ කුඩ තබා දුම්රිය ගමන අවහිර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනියි

.

Wakayama නගරය සහ Kinokawa නගරය අතර වූ විදුලි දුම්රිය මාර්ගයේ කුඩ කිහිපයක් දමා ගොස් දුම්රිය කටයුතුවලට බලහත්කාරයෙන් බාධා කළ බවට සැකපිට 53 හැවිරිදි පුද්ගලයෙකු Wakayama ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

 

පසුගිය කාලයේ දුම්රිය මාර්ගයේ කුඩ දමා යාම සම්බන්ධ මෙවැනි සිදුවීම් පෙළක් වාර්තා වී ඇති අතර පස්වරු 2.10ත් 3.55ත් අතර කාලයේදී අලුත්ම සිදුවීම සිදුවී තිබේ . මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගල තුවාලයක් හෝ භෞතික හානියක් සිදු නොවූ නමුත් දුම්රිය සේවා ප්‍රමාද වීම සිදුවිය .

 

අවට පිහිටි නිරීක්ෂණ කැමරා දර්ශනවල ආධාරයෙන් සැකකරු සොයාගත් බවත් තමාට කෝපයක් දැනුණු නිසා දුම්රිය මාර්ගයේ කුඩ තැබුවා යනුවෙන් සැකකරු පැවැසූ බවත් පොලිසිය පැවැසීය.

Comments