යුක්රේන වෙත රුසියාව විසින් හමුදා බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇමරිකාව සහ රුසියාව දියත් කළ සාකච්ඡා දිගටම පැවැත්වෙමින් පවතී. පසුගියදා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ රුසියානු විදේශ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවලදී ද මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබිණි.
ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken සහ රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov පසුගියදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී හමුවූ අතර එහිදී මෙම සාකච්ඡාව පවත්වා තිබිණි. යුක්රේන දේශ සීමාවල රුසියානු හමුදා සේනාංක රඳවා තැබීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලිඛිතව ලබන සතිය තුළදී තුළ දී නිකුත් කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී පැවසීය.තවද මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය නම් ඇමරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා වෙනුවෙන් ඒ සඳහා සහයෝගය දැක්වීමට ඇමරිකා එක්සත් ජනපදය සූදානම් බවද ඔහු පැවසීය.