එක්සත් රාජධානියේ ජපන් කාන්තාවන්ගේ ජීවිත නිරූපණය කරන නාට්‍ය 


එක්සත් රාජධානියෙන් ජපන් කාන්තාවන්ට වටිනාකමක් ලැබේ

.

1945 තරම් ඈත කාලයක පටන් කලාකරුවන් විසින් ජන මාධ්‍ය භාවිතා කරමින් බ්‍රිතාන්‍යයේ වෙසෙන ජපන් කාන්තාවන්ගේ ජීවිතවලට ආලෝකයක් දල්වා ඇති අතර එමඟින් බොහෝ විට නොසලකා හැරෙන සුළුතර ජන කණ්ඩායම් වලට මුහුණ දීමට සිදුවන පීඩනය පිළිබඳව ප්‍රජාවට පුළුල් අවබෝධයක් ලබා දී තිබේ. 

 

නාට්‍ය සමාගමක් වන New Earth Theatre විසින් "Tsunagu/Connect" නම් වාචික ඉතිහාස ව්‍යාපෘතියක් මත පදනම් වූ ප්‍රදර්ශන සහ නාට්‍ය භාවිතා කරමින් කාන්තාවන් හට තම මව් රටෙන් කිලෝමීටර් දහස් ගණනක් දුර නව ජීවිත ගත කිරීමට සිදු වූ විට අත්විඳින උස් පහත් බව පෙන්වීමට උත්සාහ කරනු ලබයි. 

 

" ජපාන කාන්තාවන්ගේ ක්ෂණික ඒකාකෘති මනසට නැඟෙන 'පරමාදර්ශී මව' හෝ 'තරුණ Geisha'   මෙයට ඇතුළත් වන අතර ජපන් කාන්තාවන් ගැන එතරම් අධ්‍යයනය කර හෝ ලේඛනගත කර නොමැති බැවින් මෙය ඉතිහාසයට දායක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව" සමාගමේ කලා අධ්‍යක්ෂිකා Kumiko Mendl පැවැසීය .

Comments