සුවඳ සහ රසය පිළිබඳ සංවේදනයන් කෙරෙහි කල්පවත්නා බලපෑම් ඇතිවීම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් අතර මෙන්ම කැස්ස සහ හිසරදය Omicron ප්‍රභේදය වැළඳී සිටි රෝගීන් අතර සුලභවම දැකිය හැකි පසු රෝග ලක්ෂණ ලෙස Shizuoka ප්‍රාන්ත රජය විසින් සිදුකළ අධ්‍යයනයකින් හඳුනාගෙන තිබේ .
පර්යේෂකයින් මෙම අතුරු ප්‍රතිවිපාක, වෛරසය වැළඳීමෙන් සති හතරක් හෝ ඊට වැඩි කාලයක් පවතින රෝග ලක්ෂණ ලෙස නිර්වචනය කරනු ලබන අතර ඔවුන්ගේ ආසාදනයේ කාලය අනුව ආසාදිතයින් අතර කැපී පෙනෙන වෙනස්කම් ඉස්මතු වේ.
ප්‍රතිචාර දැක්වූ Omicron ආසාධිතව සිටි අයගෙන් 28% කැස්ස, 17% හිසරදය, 15% තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ පෙන්වූ අතර ඩෙල්ටා හෝ පෙර පැවති ප්‍රභේදවලින් ආසාදනය වූවන්ගෙන් 19% වෙනස් වූ සුවඳ දැනීම, 13% රසය පිළිබඳ හැඟීමක් නොදැනීම සහ 12% හිසකෙස් නැතිවීම සිය පසු රෝග ලක්ෂණ ලෙස මෙහිදි සඳහන් කර ඇත.