Okinawa සහ Amami දූපත් වෙත අගෝස්තු 31 දින ප්‍රබල සුළි කුණාටුවක් ඇතිවීමේ සලකුණු පහළ වෙයි


Hinnamnor සුළි කුණාටුව ජපානය පුරා ව්‍යාප්ත වන ලකුණු පහළ වෙයි

.

ක්‍රියාකාරීව පවතින ප්‍රබල Hinnamnor සුළි කුණාටුව අගෝස්තු 31 වන දින ජපානයේ දකුණු දෙසින් වූ Okinawa සහ Amami ප්‍රදේශ වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් තද සුළං, අධික රළ, නාය යෑම් සහ ගංවතුර ආදියෙන් ආරක්ෂා වන ලෙස ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) ජනතාවගෙන් ඉල්ලා සිටියේය. 

 

මේ වසර තුළ ඇතිවූ 11 වැනි සුළි කුණාටුව ලෙස සැලකෙන මෙය අගෝස්තු 30 වන දින ප.ව. 12 වනවිට පැයට කිලෝමීටර් 35 ක වේගයෙන් බටහිර දෙසට ගමන් කරමින් සිටි අතර එය Hectopascala 950ක මධ්‍යස්ථ වායුගෝලීය පීඩනයක් සහිතව ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ග කර ඇත. එහි මධ්‍යයට ආසන්නයේ උපරිම තිරසාර සුළං වේගය තත්පරයට මීටර් 45 (පැයට කි.මී. 162) ක් ලෙස සහ සුළගේ උපරිම වේගය 65 m/s (234 kph) ලෙස ජපානයට දකුණින් පිහිටි ප්‍රදේශය වෙත ගමන් කරමින් පවතී. 

 

අගෝස්තු 31 වැනි දින Okinawa ප්‍රදේශයට එම ප්‍රබලතාවයෙන් යුත් සුළං හා සුළි සුළං ඇති විය හැකි බවටත් සැප්තැම්බර් 1 වැනි දින උදෑසන 6 දක්වා වූ පැය 24 ක කාලය තුළ Okinawa කලාපයට මිලිමීටර් 200 සිට 300 දක්වා වූ වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවටත් ඒජන්සිය විසින් මෙහිදී අනාවැකි පළ කර තිබේ. එමෙන්ම ශක්තිමත් ගොඩනැගිලි තුළ රැඳී සිටින ලෙසටත් ජනේලවලින් ඈත්ව සිටීම වැනි ප්‍රතිවිරෝධතා ගන්නා ලෙසටත් ඒජන්සිය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

106 Views

Comments