කොවිඩ් 19 වැලැක්වීම අරමුණ කරගෙන ජපානය විසින් පනවා ඇති ජපානය තුළට ඇතුළු වීම සීමා කිරීමේ හා තහනම් කිරීමේ නියෝග රෙගුලාසි සම්බන්ධයෙන් ලොව පුරා අන්තර්ජාතික ශිෂ්‍ය ප්‍රජාව සහ ව්‍යාපාරික ප්‍රජාව විවිධාකාර විරෝධතා ව්‍යාපාර පවත්වමින් ඇති බව වාර්තා වේ.
Twitter ගිණුම් හරහා මුලින්ම ආරම්භ වූ මේ විරෝධතා මේ වන විට නගරවල පවත්වනු ලබන කුඩා කුඩා කණ්ඩායම් විරෝධතා ලෙස වර්ධනය වී තිබේ. අන්තර්ජාතික ශිෂ්‍යයන් පවසන්නේ සිය අධ්‍යාපන කටයුතු මේ නිසා අඩාල වන බවත් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සේ සැලකිය හැකි බවත්ය. කොවිඩ් 19 වේගවත් පැතිර යන ජපානය එය පාලනය කිරීම වෙනුවෙන් බොහොමයක් රටවල ජාතිකයන්ට සහ අන්තර් ජාතික ශිෂ්‍යයන් සහ ආයෝජක ප්‍රජාවට ජපානයට ඇතුලුවීම පසුගියදා තහනම් කරන ලදී.