ආදර පඩිපෙළ...


කියෝටෝ හි හිගශියාමා නගරයේ පිහිටි Westin Miyako Kyoto හෝටලය තුළ..

.

කියෝටෝ හි හිගශියාමා නගරයේ පිහිටි Westin Miyako Kyoto හෝටලය තුළ පිහිටුවා ඇති, හදවතක හැඩයට තැනූ සර්පිලාකාර පඩි පෙළ සෑම වැලන්ටයින් දිනයක් ආසන්නවත්ම සමාජ මාධ්‍ය ජාලා තුළ ඉතා ප්‍රචලිත වන්නකි.

වර්ෂ 1890 දී ආරම්භ කරන ලද මෙම හෝටලය තුළ මෙකී පඩිපෙළ වර්ෂ 1980දී සම්මානනීය ජපාන ගෘහ නිර්මාණ ශිල්පී Togo Murano විසින් නිර්මාණය කරන ලද්දකි. හෝටලයේ වාහන අංගනයේ සිට එහි තුන්වන මහල දක්වා දිවෙන හැම සර්පිලාකාර පඩි පෙළ, පහල සිට නරඹන ඕනෑම අයෙකුට හදවතේ හැඩයට දිස්වෙයි. මෑතකදී සිට බොහෝ සමාජ මාධ්‍ය වල දක්නට ලැබුණු මෙම පඩිපෙළ දෙස් විදෙස් සංචාරකයින් සිය ගමනාන්ත වල දී අනිවාර්යයෙන්ම ඡායාරූපයකට එක් කරගන්නා ස්ථානයක් වීම විශේෂත්වයකි.

Comments