ඔසාකා හි විද්‍යා කෞතුකාගාරය


ඔසාකා හි විද්‍යා කෞතුකාගාරය දරුවන්ට මනා අධ්‍යාපනයක් ලබා දෙයි

.

ගොඩනැගිල්ලේ සෑම මහලක්ම වර්තමානයේදී ක්‍රියාත්මක වන විද්‍යාත්මක මූලධර්ම පෙන්වන, දරුවන් හට ප්‍රායෝගිකව නැරඹිය හැකි අග්‍රගණ්‍ය විද්‍යාගාරයක් ලෙස මෙම ඔසාකා විද්‍යා කෞතුකාගාරය හැඳින්විය හැකිය .

 

දරුවන්ට මෙහිදී විදුලිය උත්පාදනය කළ හැකිදැයි බැලීමට Hand Cranks සහ Treadmills ක්‍රියාත්මක කිරීමට මෙන්ම ඖෂධ, සුවඳ විලවුන්, ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය වල සහ රසායන විද්‍යාවේ සැබෑ ලෝක භාවිතයන් ආවරණය කිරීම සඳහා අවස්ථාව සලසා දී තිබේ .

 

විද්‍යාගාරය පිළිබඳව වැඩිදුර විස්තර 

http://www.sci-museum.jp යන වෙබ් අඩවියෙන් සහ 06-6444-5656 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි වේ.  ප්‍රාථමික සහ කනිෂ්ඨ උසස් පාසල්  දරුවන් හට විද්‍යාගාරය තුළට නොමිලේ ප්‍රවේශ විය හැකි අතර දිනපතා උදෑසන 9.30 සිට සවස 5.00 දක්වා එය විවෘතව පවතී.

164 Views

Comments