යුක්රේනියානු යුද්ධයෙන් මුදවා ගත් 2 හැවිරිදි දැරියක් වන Vladyslava පළමු වරට මැයි 16 වැනි දින නැගෙනහිර ජපානයේ Yokohama ප්රාන්තයේ Minami Ward හි පිහිටි ළදරු පාසලකට සහභාගී වුවාය .ඇය මව පිටත්ව ගිය පසු මඳ වේලාවක් හඬා ඇති නමුත් පසුව ගීත ගායනා කරමින් සහ සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කරමින් අනෙක් දරුවන් සමඟ සිනාසෙන්නට පටන් ගෙන තිබේ.
36 හැවිරිදි Nataliia Muliavka සහ ඇගේ දියණියන් දෙදෙනා රුසියානු ආක්රමණය හමුවේ යුක්රේනයෙන් පලා විත් ජපානයේ Yokohama හි පිහිටි ඔවුන්ගේ ඥාතීන්ගේ මහල් නිවාසයක තවමත් ආරක්ෂා සහිතව රැදී සිටින අතර ඇගේ දෙවන දියණිය මෙලෙස පෙර පාසලට ඇතුළත් කර තිබේ .
"මම බලාපොරොත්තු වෙනවා ඇය ඉක්මනින්ම ජපානයේ ජීවිතයට හුරුවෙයි කියලා" යනුවෙන් දැරියගේ පෙර පාසල් ගමන පිළිබඳව අදහස් දක්වමින් මව Nataliia පැවැසීය.