වැදගත් සංස්කෘතික දේපලක් ලෙස නම් කළ ජපානයේ භාණ්ඩ මගී ප්‍රවාහන නෞකාව


ජපානයේ NYK Hikawa Maru නෞකාව සංස්කෘතික දේපලක් ලෙස නම් කෙරේ

.

දෙවන ලෝක සංග්‍රාමයට පෙර 1930 වසරේ ජපානයේදී නිෂ්පාදනය කළ , ලොව දැනට ඉතිරිව පවතින එකම සහ විශාලතම භාණ්ඩ-මගී ප්‍රවාහන නෞකාව වන "NYK Hikawa Maru" මේ වනවිට නැගෙනහිර ජපානයේ  Yokohama ප්‍රාන්තයේ Naka Ward හි Yamashita උද්‍යානයේ නැංගුරම් ලා ඇති අතර වර්තමානයේදී එය විස්මිත හා අග්‍රගණ්‍ය කෞතුකාගාරයක් ලෙසින් ලොව පුරා ප්‍රචලිත වී තිබේ. 

 

පලමු වරට ජපානය සහ එක්සත් ජනපදයේ Seattle සම්බන්ධ කරන නාවික මාර්ගයේ සේවයට එක්වූ Hikawa Maru නෞකාව Charlie Chaplin ඇතුළු කැපී පෙනෙන පුද්ගලයින් රැසකට සිය අග්‍රගණ්‍ය සත්කාරකත්වය සපයා ඇති නමුත් 1939 දී දෙවන ලෝක සංග්‍රාමය ඇතිවීමත් සමඟ ජපාන-එක්සත් ජනපද සබඳතා නරක අතට හැරීම මධ්‍යයේ නෞකාව සේවයෙන් ඉවත් වී තිබේ. 

 

රෝහල් නෞකාවක් ලෙස දකුණු යුධ පිටියේ තුවාල ලැබූ සොල්දාදුවන් රාශියක් Hikawa Maru විසින් ප්‍රවාහනය කර ඇති අතර යුද්ධයෙන් පසු ඉවත් කරන ලද සොල්දාදුවන් ආපසු තම රටට ගෙන්වා ගැනීමේ නෞකාවක් ලෙස ද එය භාවිතා කරන ලදී.  

 

1951 දී භාණ්ඩ-මගී ප්‍රවාහන නෞකාවක් ලෙස සිය භූමිකාව නැවත ආරම්භ කළ නෞකාව 1960 දී සිය සේවයෙන් සම්පූර්ණයෙන්ම විශ්‍රාම ගත් නමුත් වර්තමානයේදී යළිත් වරක් තම ස්වර්ණමය ඉතිහාසය "NYK Hikawa Maru කෞතුකාගාර නෞකාව" ලෙසින් නරඹන්නන් සමඟ බෙදා ගැනීම ආරම්භ කර තිබේ.

142 Views

Comments