චීනයේ වෙසෙන උතුරු කොරියානු තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙකු විසින් ජපානයේ වෙසෙන දකුණු කොරියානු ජාතිකයෙකුගේ නම භාවිතා කරමින් ජපන් සමාගමක් සඳහා ස්මාර්ට්ෆෝන් යෙදුමක් සංවර්ධනය කිරීම වෙනුවෙන් වංචා සහගත වේතනයක් ලබාගෙන ඇති බව පොලිසිය බදාදා ප්රකාශ කළේය.
මෙලෙස තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයාට තම නම භාවිතා කිරීමට අවසර ලබා දී ඇති 57 හැවිරිදි දකුණු කොරියානු පුද්ගලයා සහ මුදල් මාරු කිරීමේ අතරමැදියෙකු ලෙස කටයුතු කළ 75 හැවිරිදි ඉංජිනේරුවරයාගේ ඥාති කාන්තාවක් යන තිදෙනා ජපානයේ බැංකු නීතිය උල්ලංඝණය කළ බවට සැකපිට බදාදා පොලිසිය විසින් නඩු පවරන්නන් වෙත යොමු කොට තිබේ.
උතුරු කොරියාව සිය තොරතුරු තාක්ෂණ කාර්ය මණ්ඩල සාමාජිකයින් හට විදේශයන්හි සේවය කිරීමට සලස්වා විදේශ මුදල් උපයන බවට එක්සත් ජනපදය සහ අනෙකුත් රජයන් අනතුරු අඟවා තිබෙන බැවින් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයා උතුරු කොරියාවට යම් මුදලක් ආපසු එවීමට ඇති හැකියාව පිළිබඳව විමර්ශනය කරමින් සිටින බව ජපාන පොලිසිය පැවැසීය .