2021 වර්ෂයේ ජපානයේ සියදිවි නසා ගැනීම් 20830ක්


පසුගිය 2021 වර්ෂයේ ජපානය තුලින් වාර්තා වූ සියදිවි නසා ගැනිම් ගණන 20830ක් බව සෞඛ්‍ය හා සුබසාධන අමාත්‍යාංශය විසින් න??

.

පසුගිය 2021 වර්ෂයේ ජපානය තුලින් වාර්තා වූ සියදිවි නසා ගැනිම් ගණන 20830ක් බව සෞඛ්‍ය හා සුබසාධන අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ . 2020 වර්ෂයට වඩා එම අගය 251 ක පහල බැසීමක්  වන අතර 2019 වර්ෂයට වඩා 661ක වර්ධනය වීමකි.

 

මෙලෙස  සියදිවි නසාගැනීමේ අනුපාතය ජනගහනයෙන් ලක්ෂයකට 16.5 ක් බව  ගණන් බලා තිබේ .2021 වාර්තා වූ මෙම මුළු සියදිවි නසා ගැනීම් ගණනින්  13815ක් පිරිමි පුද්ගලයන් වන අතර 7015ක් කාන්තාවන් වේ . 

 

මෙතරම් අධික සියදිවිනසාගැනීම ප්‍රමාණයක්  වාර්තා වීමට හේතුව ලෙස අදාල අමාත්‍යාංශයේ විසින් දක්වා ඇත්තේ ව්‍යාප්ත වන කොරෝනා වසංගතය හේතුවෙන් බහුතරයකගේ රැකියා අහිමි වීමත් ඉන් දැඩි ආර්ථික අපහසුතා වලට පත් වීමත්ය .

 

627 Views

Comments