කළු කුහරයක ජායාවන් රූගත කිරීමේ කටයුතු වල යෙදී සිටින ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් වන Event Horizon Telescope Collaboration විසින් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 27,000ක් පමණ දුරින් පිහිටි Sagittarius A* හි ප්‍රථම දෘශ්‍ය සාක්ෂිය සාර්ථකව ලබා ගත් බව පසුගියදා නිවේදනය කළේය .
ජපානයේ ජාතික තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයේ (NAOJ) සහ එක්සත් ජනපදයේ, යුරෝපයේ සහ වෙනත් රටවල පර්යේෂණ ආයතන 12ක විද්‍යාඥයින් 300කට අධික සංඛ්‍යාවකින් මෙම ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමේ සමන්විත වේ. 2006 දී පමණ ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය සඳහා ජපන් තාරකා විද්‍යාඥයින් 20 දෙනෙකු පමණ සහභාගී වී තිබේ.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 55ක් පමණ දුරින් පිහිටි Messier 87 මන්දාකිණියෙන් කළු කුහරයක පළමු රූපය මුදා හැරීමත් සමඟ 2019 අප්‍රේල් මාසයේ සිට කණ්ඩායම ලබා ගත් ඔවුන්ගේ නවතම ජයග්‍රහණය ලෙස මෙය සැලකේ. දැනටමත් ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන චිලී හි ALMA නිරීක්ෂණාගාරය ක්‍රියාත්මක කිරීමට ජපානයේ NAOJ සම්බන්ධව ඇති බව සඳහන් වේ.Q