සුන්බුන් වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ක්‍රියාකරු විසින් පිරිපහදු කරන ලද විකිරණශීලී අපජලය මුදා හැරීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනා ආරක්ෂිත බවත්, පරිසරයට ඇති අවදානම අවම බවත් පවසමින් එහි නව සැලසුම් ජපානයේ න්‍යෂ්ටික නියාමක විසින් බදාදා අනුමත කොට තිබේ.
පසුගිය වසරේ සිට සිදුවෙමින් පවතින බලාගාරය පිරිසිදු කිරීමේ සහ ක්‍රියා විරහිත කිරීමේ පියවරක් ලෙස අපජලය මුදා හැරීමට රජය ගත් තීරණය මත Tokyo හි Electric Power Company Holdings විසින් දෙසැම්බර් මාසයේදී මෙම සැලසුම ඉදිරිපත් කරන ලදී.
2011 දී ඇති වූ දැවැන්ත භූමිකම්පාව සහ සුනාමිය නිසා ෆුකුෂිමා බලාගාරයේ සිසිලන පද්ධති විනාශ වීම හේතුවෙන් ප්‍රතික්‍රියාකාරක තුනක් දියවී ගිය අතර විශාල විකිරණ ප්‍රමාණයක් නිකුත් වීම සිදුවිය. එහිදී විකිරණශීලීත්වය අධිකව පවතින හානියට පත් ප්‍රතික්‍රියාකාරක මධ්‍ය තුන සිසිල් කිරීම සඳහා භාවිතා කරන ලද ජලය එකතු කර ටැංකිවල ගබඩා කර ඇති අතර මෙලෙස වර්තමානයේදී පිරිපහදු කෙරේ .