රෝහලෙන් පැනගිය සැකකරු


රෝහල්ගත කර සිටි සැකකරු පැන යයි

.

සොරකම් කිරීම සහ උත්තේජක පාලන නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි 38 හැවිරිදි Ken Ueda නම් පුද්ගලයා ඔහුව ප්‍රතිකාර සදහා රඳවා සිටි Saitama ප්‍රාන්තයේ Kawaguchi නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පැන ගොස් ඇති බව වාර්තා වේ . 

 

ටෝකියෝ දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලයට සහ පොලිසියට අනුව අඟහරුවාදා දිනයේදී Ken ගේ රැඳවුම් නියෝගය බ්‍රහස්පතින්දා දක්වා අත්හිටුවා ඇති අතර ඔහු  ප්‍රතිකාර සදහා යොමු කොට ඇත.නමුත් අඟහරුවාදා පස්වරුවේ ඔහුගේ නීතීඥවරයා බලධාරීන් අමතා ඔහුගේ පලායාම පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබේ . 

 

Ken ගේ අත්හිටුවීමේ කොන්දේසිවලට අනුව ඔහුට නියමිත දින දක්වා රෝහලේ රැඳී සිටීමටත්, පිටතට ගමන් කරන විට ඔහුගේ නීතීඥවරයා සමඟ යාමටත්, සාක්ෂි විනාශ කරන ලෙස දැකිය හැකි කිසිදු හැසිරීමක නොයෙදීමටත් අණ කොට තිබූ බව සදහන් වේ.

124 Views

Comments