ජපානය හා චීනය අතර පැවැති සහයෝගිතා ප්‍රවර්ධන සාකච්ඡාව


ජපානය හා චීනය අතර සහයෝගිතා සාකච්ඡා සාර්ථක වේ

.

යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය දිගටම පවතින මෙවැනි අවස්ථාවකදී සාමය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා Beijing "වගකිවයුතු කාර්යභාරයක්" ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව  සිය චීන සහචර Wang Yi සමඟ බදාදා පැවැති සාකච්ඡාවේදී ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi පැවැසීය .

 

මිනිත්තු 70 ක කාලයක් පුරා පැවති සාකච්ඡා අතරතුර, නොවැම්බර් මාසයෙන් පසු , උතුරු කොරියාවේ න්‍යෂ්ටිකහරණය සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ඒකාබද්ධව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය Hayashi අවධාරණය කොට ඇති අතර ජපානය සමග සමීපව සම්බන්ධීකරණය කිරීමට Wang Yi එකඟ වී තිබේ .

 

"ජාත්‍යන්තර ප්‍රජාව විශාල අභියෝගවලට මුහුණ දී සිටී. සමීපව සන්නිවේදනය කිරීම මෙන්ම ඵලදායී සහ ස්ථාවර සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම අවශ්‍ය වේ" යනුවෙන් Hayashi, Wang Yi හට පැවැසූ බව විදේශ අමාත්‍යාංශය විසින් උපුටා දක්වන ලදී .

187 Views

Comments