දැරියන්ගේ දෙපා විඩියෝ කළ බවට සැකපිට අත්අඩංගුවට පත් ගුරුවරයා


කනිෂ්ඨ පාසලක දැරියන් වීඩියෝ ගත කළ ගුරුවරයෙකු අත්අඩංගුවට පත්වේ

.

Osaka හි කනිෂ්ඨ උසස් පාසලක සේවය කළ 24 හැවිරිදි ගුරුවරයෙකු දුම්රිය ස්ථානයක විදුලි පඩිපෙළ අසළ රැදී සිටිමින් තම ස්මාර්ට් ජංගම දුරකතනය හරහා ගැහැණු ළමයෙකුගේ අභ්‍යන්තර සායක් රූගත කිරීම හේතුවෙන් මහජන හිරිහැර නීති උල්ලංඝනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

 

Hyogo ප්‍රාන්තයේ Amagasaki හි වෙසෙන Shoki Taji නම් සැකකරු විසින් මෙම චෝදනාව පිළිගෙන ඇති අතර ඔහු අවස්ථා 150 කදී පමණ මෙලෙස ගැහැණු ළමයින්ගේ සාය රූගත කර ඇති බවට පාපොච්චාරණය කර ඇත .

 

මගී කාන්තාවක් විසින් Taji ගේ සැක කටයුතු හැසිරීම නිරීක්ෂණය කොට දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයට සහ පොලිසියට වාර්තා කොට තිබේ. ස්ථානීය නිරීක්ෂණ කැමරා දර්ශන විශ්ලේෂණය කිරීමෙන් පසු සැකකරු හඳුනාගෙන මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

103 Views

Comments