ජපානයේ දියත් කිරීමට නියමිත විදුලි වාහනය


ජපානය තුල විද්‍යුත් වාහනයක් දියත් කිරීමට මෝටර් රථ සමාගම් දෙකක් සැලසුම් කරයි

.

ජනප්‍රිය සැහැල්ලු මෝටර් රථ සඳහා වන දේශීය වෙළඳපොලේ Nissan Motor Co. හා Mitsubishi Motors Corp. යන සමාගම් දෙකෙහිම කොටස් ඉහළ නැංවීම මෝටර් රථ නිෂ්පාදකයින් දෙදෙනාගේ ඉලක්කය වන බැවින් මෙම ගිම්හානයේදී සාමූහිකව සංවර්ධනය කරන ලද නව විදුලි කුඩා වාහනයක් දියත් කිරීමට නියමිත බව Nissan Motor Co. සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. 

 

ඔවුන්ගේ වෙළඳ නාම යටතේ විකිණීම, නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සහ පාරිභෝගිකයින්ට බදු වාසි ලබා දෙන කුඩා වාහන පෙළට වඩාත් දැරිය හැකි නව නිෂ්පාදනයක් එකතු කිරීම මෙලෙස නව EV මෝටර් රථයක් නිපදවීමේ අරමුණු ලෙස දක්වා තිබේ .

 

Nissan විසින් Sakura ලෙසත් Mitsubishi Motors විසින් eK X EV ලෙසත් අලෙවි කිරීමට නියමිත මෙම නව මාදිලිය කිලෝමීටර් 180ක් දක්වා ධාවන පරාසයකින් යුක්ත වන බව සමාගම් දෙක පවසයි.

 

"අපි Nissan විසින් මෙතෙක් දියුණු කර ඇති විද්‍යුත්කරණ තාක්ෂණයන් මෙහිදී එක්රැස් කර ඇත්තෙමු" යනුවෙන් බටහිර ජපානයේ Okayama ප්‍රාන්තයේ Mitsubishi Motors' Mizushima කම්හලේ පැවති උත්සවයකදී Nissan හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Makoto Uchida පැවැසීය .

147 Views

Comments