ගැහැණු, පිරිමි භේදය තුළ ළමා ආරක්ෂණ බරෙහි ඇති පරතරය


ජපාන දරුවන්ගේ ආරක්ෂණය පිළිබඳ ව සමීක්ෂණයකින් නවතම තොරතුරු හෙළිවේ

.

ජපානයේ දරුවන් සිටින කාන්තා වෛද්‍යවරුන්ගෙන් 30% කට වැඩි පිරිසක් තම දරුවන්ගේ ආරක්ෂණ කටයුතු 100% ක්ම තමන් විසින්ම කර ගන්නා කාල පරිච්ඡේදයක් අත්විඳ ඇති බව පසුගියදා සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

 

මෙම පර්යේෂණය ජපානයේ වෛද්‍ය විද්‍යාල සංගමය විසින් සංවිධානය කොට තිබූ අතර මැයි 17 වන දින එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලදී. මව්වරුන් ද වන නිශ්චිත වෛද්‍යවරියන් 40% පමණ සංඛ්‍යාවක් සියළුම ගෙදර දොරේ වැඩ කටයුතු මෙන්ම ඔවුන්ගේ දරුවන් රැකබලා ගැනීමද සිදු කරගන්නා බව මෙමගින් හෙළිවී තිබේ. 

 

"කාන්තාවන් බොහෝ ළමා ආරක්ෂණ වගකීම් දැරීම කාන්තා වෛද්‍යවරුන්ගේ ප්‍රගතියට බාධාවක් ලෙස මම දකිනවා. ළමා රැකවරණය සහ ගෙදර දොරේ වැඩ කටයුතුවලදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගෙන ඒම සඳහා නායකත්ව තනතුරුවල සිටින අය අතර දැනුවත්භාවය යාවත්කාලීන කිරීම ඉතාම වැදගත් බව මම සිතනවා " යනුවෙන් පර්යේෂණයට සම්බන්ධ වූ ටෝකියෝ වෛද්‍ය විශ්ව විද්‍යාලයේ සභාපති Yukiko Hayashi තර්ක කළාය.

150 Views

Comments