මහාචාර්යවරයාට පිහි ප්‍රහාරය එල්ල කල පුද්ගලයා හඳුනා ගැනේ


63 හැවිරිදි ෂින්ජි මියදායි විශ්ව විද්‍යාල මණ්ඩපයේදී පිහි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබීය. 

.

තෝකියෝ මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන 63 හැවිරිදි ෂින්ජි මියදායි විශ්ව විද්‍යාල මණ්ඩපයේදී පිහි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබීය.  

පොලිසිය විසින් කරන ලද විමර්ශනවලදී හෙළි වූයේ පිහි ප්‍රහාරය එල්ල කල පුද්ගලයා අපරාධ ස්ථානයට මීටර් 100 ක් පමණ දුරින් පිහිටි "මැද ගේට්ටුව" අසල සිට පරිශ්‍රයෙන් පිටතට දිව ගිය බවයි.  මැද ගේට්ටුව වසා ඇති බැවින් ඔහු පැත්තේ ඇති පඳුරු මතට නැග තිබෙනවා.

අවට ප්‍රදේශයේ ආරක්‍ෂිත කැමරා පරීක්‍ෂා කිරීමෙන් පසු විශ්වවිද්‍යාලයට මීටර් සිය ගණනක් උතුරින් පිහිටි ජනාවාස ප්‍රදේශයක තිබූ කැමරාවක එම පුද්ගලයාම යැයි සැලකෙන පුද්ගලයකු ඇවිද යන අයුරු සටහන් වූ බවද පැවසේ.

මියදායි සිය දේශනය හවස 4.10 ට පමණ අවසන් කළේය.  නොවැම්බර් 29 වන දින, වාහන නැවැත්වීමේ ස්ථානයට යමින් සිටියදී අදාල සැකකරු පිටුපසින් පහර දී ඔහුගේ බෙල්ල, හිස පිටුපසට සහ අත් දෙකම ස්ථාන 10 කට වඩා කපා ඇත.  මියදායී සතියකට වරක් දේශන පවත්වනු ලබන අතර, මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව විශ්වාස කරන්නේ මියදායිගේ සැලසුම් පිළිබඳව එම පුද්ගලයා දැන සිටින්නට ඇති බවයි.

100 Views

Comments