ජපාන සංස්කෘතියට අනුකූලව නිර්මිත දූපත් සහ පාලම් 


ජපන් උද්‍යාන වල බහුතරයක් පාලම් ජපාන සංස්කෘතියට අනුව නිම වූ ඒවා වේ

.

ජපන් උද්‍යානවල දිගුකාලීන අංගයක් ලෙස දූපත් සහ පාලම් හැඳින්විය හැකි අතර, ඒවා ස්වාභාවික පිහිටීම හා අලංකාරත්වය ආරක්ෂා වන පරිදි ආවේණික ද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය කොට තිබේ. 

 

තනි ගල්වලින් සෑදුණු ගොඩනැඟිලිවලට ආධාර කිරීමට තරම් විශාලත්වයකින් යුතු අලංකාර අංගයක් ලෙස දූපත් හැඳින්විය හැකි අතර කැස්බෑවන්ට සහ දොඹකරවලට සමාන ලෙස ඒවා ගොඩනඟා තිබේ. මෙම දූපත් මගින් දීර්ඝායුෂය, සෞඛ්‍ය සංකේත, හෝ තාඕවාදයේ පූජනීය අද්භූත කන්දක් වන Horai වැනි ආගමික සංකේතයක් නිරූපණය කෙරෙන අතර බොහෝ විට එමගින් සැබෑ දූපත් නියෝජනය කිරීම සිදු කෙරේ . 

 

ඇළ දොළ, පොකුණු සහ දූපත්  සම්බන්ධ කිරීමට භාවිතා කරන තවත් එක් හරස් අංගයක් ලෙස පොදු පාලම් හැඳින්විය හැකි අතර ඒවා ගල් හෝ ලී වලින් සාදා තිබේ. දිය පහරක් හරහා ඇති නොකැපූ පාෂාණ ලෑල්ලක සිට මීටර් 10 ක් තරම් දිගින් යුතු, විස්තීර්ණ, ආවරණය කරන ලද මෙම ලී ව්‍යුහයන් අතීතයේදී විශාල සංකීර්ණත්වයකින් යුක්තවූ බව සඳහන් වේ .

183 Views

Comments