ජපාන සංස්‌කෘතියට අනුගත වීමට උත්සාහ දරන යුක්‍රේනියානු වැසියෝ


යුක්රේනයෙන් ජපානයට පැමිණි යුක්රේන ජාතිකයින් එහි සංස්කෘතියට අනුගත වීමට උත්සාහ කරයි

.

රුසියානු ආක්‍රමණයෙන් ජපානයට පලා විත් Fukuoka ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක නැවත සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කළ යුක්‍රේන ජාතිකයන් 20 දෙනෙකු ජපන් සම්ප්‍රදායික පුරුදු ඉගෙන, Kimono පැළඳ මැයි 17 වැනි දින Fukuoka මාලිගාවේ පැරණි ස්ථානය නැරඹීමට ගොස් තිබේ .

 

මෙම උත්සවය Dazaifu නගරයේ ජපාන ආර්ථික විද්‍යා විශ්ව විද්‍යාලයේ Fukuoka මණ්ඩපයේ ඉගෙනුම ලබන ජාත්‍යන්තර සිසුන් හට ජපන් සංස්කෘතිය අත්විඳීමේ පන්තියක කොටසක් ලෙස සංවිධානය කර තිබූ අතර එහිදී සම්ප්‍රදායික Kimono ඇඳුම හැඳ නැමීම, ඇවිඳීම මෙන්ම Kimono රෙදි භාවිතයෙන් පොත් ජැකට් සාදන ආකාරය ඉගෙනීමට ඔවුන්ට අවස්ථාව හිමිවී තිබේ. 

 

"මෙය මම කිමෝනාවක් පැළඳ සිටින පළමු අවස්ථාවයි. නමුත් එය ඇඳීම මෙන්ම ඇඳගෙන ඇවිද යාමද පහසුයි. මට යුක්රේනයේ සිටින මගේ පවුලට ඡායාරූපයක් යැවීමට අවශ්‍යයි" යනුවෙන් උත්සවයෙන් සතුටට පත්වූ ගෝල්ඩ් ෆිෂ් රටා සහිත කළු කිමෝනාවක් පැළඳ සිටි 21 හැවිරිදි Yelyzaveta Petrova පැවැසුවාය.

Comments