නිවසක් කොල්ල කෑ පුද්ගලයෙක් අත්අඩංගුවට


ඔහු 23 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකි.

.

Osaka ප්‍රාන්තයේ Hirakata ප්‍රදේශයේ පොලිසිය විසින් 23 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට අනුව ජනවාරි 28 වෙනිදා මධ්‍යම රාත්‍රියේ අදාල සැකකරු අගුලු නොදැමූ නානකාමර කවුළුවකින් නිවසකට කඩා වැදී ඇත.

පසුව එම නිවසේ පදිංචි 67 හැවිරිදි කාන්තාව අවදි කර වටිනා ඕනෑම දෙයක් ලබා දෙන ලෙස ඉල්ලා සිට ඇති අතර කොල්ලකෑම ගැන පොලිසියට පැමිණිලි කළහොත් මරා දමන බවටද ඇයට තර්ජනය කර තිබේ.

ඒ අනුව කාන්තාව විසින් යෙන් 50,000 ක මුදල් සහ යෙන් 354,500 ක් වටිනා මුදු කිහිපයක් ද සැකකරුට ලබා දී ඇත.  

 

133 Views

Comments