Ginowan, Okinawa ප්රදේශයේ තිස් එක් හැවිරිදි පොලිස් නිලධාරියෙකු ඔහු හා සම්බන්ධතා පැවැත්වූ තිස් හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන පරිදි එහි මහජන සම්බන්ධතා අංශයේ සේවයේ නියුතු Shogo Sunagawa නම් වූ මෙම සාජන් වරයා අදාල කාන්තාවට ඇයගේ නිවස තුළදී පසුගිය බ්රහස්පතින්දා දින අමානුෂික ලෙස පහර දී ඇත. ඇය පසුව මේ බව ඇයගේ ඥාතීන්ට දන්වා ඇති අතර ඥාතීන් විසින් පොලිසිය දැනුවත් කර ඇත.
අදාල සාජන් වරයා ඔහුගේ වරද පිළිගෙන ඇති අතර ඇය හා සිදුවූ බහින් බස් වීමකින් අනතුරුව මෙම පහරදීම සිදු වී ඇත.