වසන්තයේදී අලුතින් අභිජනනය කෙරෙන උකුසු පැටවුන්


වසන්ත සමයේ දී තව තවත් උකුසු පැටවුන් අභිජනනය කරයි

.

වසන්තයේ සම්ප්‍රදාය විදහා දක්‌වමින් බටහිර ජපාන නගරයේ Chugoku විදුලි බල සමාගමේ Shin-Onoda බලාගාරයේ මීටර් 200 ක් පමණ උස චිමිනිය මත උකුසු පැටවුන් බෝ කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති කූඩු පෙට්ටියකට උකුස්සන් රංචු නැවත පැමිණ ඇති බව වාර්තා වේ . 

 

වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින ඔවුන් මෙම වසන්තයේ දී නැවත සිය පරම්පරාවට බෝ කිරීම සඳහා පැටවුන් තිදෙනෙකු දැනටමත් තහවුරු කර ඇති අතර, තම දෙමාපියන් විසින් ගෙන එන ආහාර ආනුභවයෙන් පෝෂණය වන ඔවුන් ජුනි මාසයට පෙර ස්ථිරවම කූඩුවෙන් පිටව යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

ජපානයේ වල් කුරුල්ලන්ගේ සංගමයේ යෝජනාවකට අනුව ස්ථාවර අභිජනනයට සහාය වීම සඳහා 2000 වසරේදී 50m සහ 100m උසකින් යුතු මල නොබැඳෙන වානේ කූඩු පෙට්ටි සවි කොට ඇති අතර "ඔවුන් කූඩුවෙන් පිටවන තුරු අපි ඔවුන්ව දෙමාපියන් මෙන් උණුසුම්ව බලා ගනිමු " යනුවෙන් බලාගාරයේ ප්‍රධානී Hideaki Misawa පැවැසීය.

119 Views

Comments